මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ සමූහ මිනීවළක් යැයි විශ්වාස කෙරෙන ප්‍රදේශයේ දිගින් දිගටම කැණීම් කරමින් සිටි අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සහ පුරාවිද්‍යාඥයන් විසින් පසුගිය සෙනසුරාදා සම්පූර්ණ සිරුරු දෙකකට අයත් අස්ථි කොටස් සොයාගෙන තිබෙනවා.
මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේවා මහතා පැවසුවේ, තවත් සිරුරු තුනක කැබලි වූ අස්ථි කොටස් බ්‍රහස්පතින්දා (07) දින ද ගොඩ ගත් බව යි. ආරක්‍ෂක අංශවලට සමාන දිරාගිය නිල ඇඳුම් කොටස්, යුද ගැටුම්වලදී එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගේ අංකය සඳහන් දිරා ගිය නිල ලාංඡනයක්, ආයුධ කොටස් සොයා ගත් ඒවා අතර වන බව ඔහු ඔහු වැඩිදුරටත් පවසනවා.
කැණීම් සිදුකරන නිලධාරීන් පවසන්නේ අස්ථි කොටස් කාන්තාවන්ගේ විය හැකි බවයි. මේ ස්ථානය සමූහ මිනීවළක් බවට විශ්වාස කෙරනවා.
ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කනගසභාපත්ති වාසුදේව, යාපනය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්.අනවන්, පුරාවිද්‍යා නිලධාරීන්, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්, විශේෂ කාර්ය බළකාය සහ පොලිසියේ අධීක්‍ෂණය යටතේ කැණීම් සිදු කෙරනවා.
මෙය පසුගිය යුද අවසන් සමයේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ඝාතනය කර සමූහ ලෙස වළදැමූ ස්ථානයක් යැ යි දෙමළ ජනතාව සැක පළ කරනවා.