විදෙස් ඇමැති අලි සබ්‍රි කැනේඩියා අගමැතිට දෙහි කපයි!

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉන්දියාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශ හෙළා දකින බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

සාක්ෂියක් නොමැතිව සාහසික චෝදනා ඉදිරිපත් කරන බවට ඔහු වැඩිදුරටත් කැනඩා අග්‍රාමාත්‍යවරයාට චෝදනා කළා.

අමාත්‍ය අලි සබ්රි මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාව සහ කැනඩාව අතර පවතින උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව ඉන්දීය මාධ්‍ය ANI වෙත අදහස් දක්වමින්. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කර තිබෙනවා.

ඉන්දීය රජය විසින් සීක් ජාතික නිදහස් ක්‍රියාකාරිකයෙකු වන හර්දීප් සිං නිජ්ජාර් කැනේඩියානු භූමියේදී ඝාතනය කළ බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ චෝදනාව නිසා කැනඩා-ඉන්දියා සබඳතා මේ වන විට අර්බුදයට ගොස් තිබෙනවා. එයට එකට එක කිරීමක් ලෙස ඉන්දියාවේ සිටි කැනේඩියානු ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු පසුගිය දා පිටුවහල් කරනු ලැබුවා.

ටෘෘඩෝගේ ප්‍රකාශය ගැන සඳහන් කරමින් තවදුරටත් කරුණු දැක්වූ මෙරට විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන් කළ දේට මෙය සමාන බවත්, ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූ බව පැවසීම සාහසික බොරුවක් බවත් පැවසුවා.

ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු නොවූ බව සැවොම දන්නා කරුණක් බවයි විදෙස් අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවේ.

1 COMMENT

  1. ඔන්න ඔහෙ පාඩුවෙ හිටපන් ඉල්ලගෙන කන්න හදන් නැතුව. කැනඩාවෙ ඉන්න අපේ උන්ටයි යන්න ඉන්න එවුන්ටයි කෙලවන්න හදන් නැතුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles