ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (30) පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට පුනේ හිදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති අතර ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිවුණා.
ඒ අනුව දුෂ්මන්ත චමීර අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
මේ අතර කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න අද තරගයේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.