රාජ්‍ය සේවා තරඟ විභාග සඳහා උපකාරක පන්ති පවත්වනු ලබන අශේන් අබේරත්න නමැති පුද්ගලයෙකු විසින් පරිපාලන සේවයට බඳවා ගැනීමේ (සීමිත) තරඟ විභාගයේ ප්‍රශ්න පත්‍රය විභාගයට දින 02කට පෙර විභාග අපේක්ෂකයින් හට ලබා දී ඇති බවට චෝදනා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබෙනවා.
එම ලිපිය පහතින්,
මේ අතර මෙම ලිපිය විමර්ශනය කර අවසන් බවත් හෙට දිනයේදී (13) අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවටත් ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
කෙසේ වුවද මෙම පුවත පිළිබඳව අශේන් අබේරත්න නමැත්තා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටින්නේ එම පුවත අසත්‍ය බවයි.
එම සටහන පහතින්,