ශ්‍රී.ල.නි.ප අර්බුදය: විජයදාසගේ පෙත්සමට අධිකරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත්වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද (22) බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ යළි තුන්වන දිනටත් විභාගයට ගනු ලැබුවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධනගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවනු ලැබූ අතර එහිදී වගඋත්තරකාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර විසින් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම ලබන 31 වනදා තෙක් තැබීමට විනිසුරුවරුන් නියෝග කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles