ශ්‍රී.ල.නි.ප නව සන්ධානය වැඩ අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වෙමින් පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව ජූනි මස 8 වෙනිදා හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් අම්බලන්තොට මංසන්ධියේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ප්‍රථම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීරගේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට පියවර ගෙන තිබෙන බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ පළමු රැළිය විශාල ජන සහභාගීත්වයකින් යුක්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම රැළියට සහභාගීවීමට දැනටමත් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles