ඉදිරි මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර ස්ථිර සන්ධානයක් පිහිටුවීමට යන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
මූලික අදියරේ පවතින මෙම සාකච්ඡාවලදී රට පාලනය සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්ති රාමුවකට එකඟ වීම වැනි කරුණු ගැනද අවධානය යොමු කරන බව පැවසෙනවා.
මෙම කටයුත්ත වෙනුවෙන් බහුතර එකඟතාවක් තිබේද යන්න තවමත් පැහැදිලි නැතත්, ඉදිරි මැතිවරණයේදී දෙපාර්ශවයටම ජයග්‍රහණය කළ හැකි එකම මාර්ගය සන්ධානගතව එක්ව කටයුතු කිරීම බව දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
මේ වන විට විපක්ෂයේ සිටින සමගි ජන බලවේගයේ හිටපු එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහය ලබා ගැනීමට උත්සාහ කිරීම එජාප ප්‍රධාන සාමාජිකයින්ට පැවරී ඇති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා. මේ සන්ධානයට විපක්ෂයට ගොස් සිටින සහ දැනට පොදුජන පෙරමුණේ කැරළිකාර කණ්ඩායම ලෙස ක්‍රියාකරන මන්ත්‍රීවරුන්ද එක් කරගැනීමට උත්සාහ ගන්නා බවයි දැනගැනීමට ඇත්තේ.
මේ අතර, 2024 වසර සඳහා වන අයවැය යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එජාපය මේ වන විටත් එකඟතාවකට පැමිණ තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලබන වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර එහිදී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කුමන ස්ථාවරයක් ගනු ඇතැයි ද යන්න නිශ්චිත නැති බවයි උක්ත ආරංචි මාර්ග සඳහන් කළේ.