ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය හෙට (21) අනුරාධපුරයේ දී පවත්වන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
එම පක්ෂයේ අතැම් පිරිස් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත් බිම්මට්ටමේ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බවත් ඔහු සඳහන් කරනවා.
කඩපනහ භූමියේදී පවත්වන මෙම රැලියට පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමා පක්ෂ සංවිධායකයින්ට පැවසූ බවයි ඔහු කියා සිටින්නේ.
වෙනත් පක්ෂ පිට පළාත්වලින් රැලිවලට සෙනඟ ගෙනාවත් තම පක්ෂය කිසි විටෙකත් එසේ කරමින් එම ජනතාවගේ කාලය හා මුදල් නාස්ති කිරීමක් සිදු නොකරන බව ඔහු පවසනවා.