පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් 18 දෙනෙකු ඇතුළු 42 කු ඊයේ (7) දිනය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය වාර්තා කරනවා.
පොදු ප්‍රවාහන සේවා වලදී කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට සිදුවන විවිධ ලිංගික හිංසනයන් පිළිබඳ පොලිස් ස්ථානවලට වාර්තා වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත සිදු කරන ලද විශේෂ මෙහෙයුමේ පළමුදිනයේදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි පොලිසිය සදහන් කරන්නේ.
මගී ජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පෙරවරු 8 සිට 10 දක්වා පස්වරු 5 සිට 7 දක්වා කාලය තුළදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් කණ්ඩායම් වශයෙන් මෙහෙයුමට යොදවා සැකකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි වූ බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඒව හොඳ වැඩ. 🙏