ජනවාරි 24 වන දිනට පසු මෙරට රාජ්‍ය ආයතන සමග ඇති සියලු සබඳතා නවතා දමන බව සමාජ මාධ්‍ය ආයතන ආණ්ඩුවට දන්වා ඇති බව පැවසෙනවා.
ෆේස්බුක්, ගූග්ල්, එක්ස් ඇතුළු සියලු සමාජ මාධ්‍ය සමාගම් මෙරට රහස් පොලිසිය, සර්ට් සහ විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන සමග පවත්වන සබඳතා මේ වන විට ඇන හිට ඇති බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුව හෙට (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ සමත සම්මත වීමෙන් පසු විවිධ කොන්දේසි සඳහා නෛතිකභාවය සැකසෙන බැවින් මෙම සමාගම් රාජ්‍ය ආයතන සමග ගනුදෙනුව අතහරින බවයි පැවසෙන්නේ.