ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා වන විධිවිධාන ඇතුළත් “ත්‍රස්ත විරෝධී පණත් කෙටුම්පත” සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා වන විධිවිධාන ඇතුළත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පණත් කෙටුම්පත” එළඹෙන ඔක්තෝම්බර් මස 3 වෙනිදා අඟහරුවාදා පළමුවර කියවීම සඳහා පාර්ලමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ත්‍රස්ත විරෝධී පණත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ද සමාජ මාධ්‍ය නියාමන පණත් කෙටුම්පත මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.
මෙම පණත් කෙටුම්පත් දෙක ම සම්බන්ධයෙන් සමාජයේ විවිධ කොටස්වලින් බරපතළ විවේචන එල්ල වෙනවා.