යුද ජයග්රහණයෙන් පසු සියලු ජාතීන් එකට එකතු වී රටක් ලෙස දියුණු වෙනවා වෙනුවට ජනපති සිහිනය වෙනුවෙන් ඇතම් පවුල් ජාතිවාදය ඇවිස්සූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
සියලු ජාතීන් හා ආගම් එකට එකතු වී හැම ජාතියකටම ආගමකටම අහිතකර ලෙස බලපෑම් සිදු කරන අන්තවාදය පරාජය කළ යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.මේ බව ඔහු සඳහන් කළේ ගාල්ල සහිරා විදුහලට වසර 100 සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයක දී.
පසුගිය කාලයේ දේශපාලන අරමුණු වෙනුවෙන් අන්තවාදය එම පක්ෂ භාවිත කළ බවත් ජනාධිපති පුටුවට යන්න තිබූ ආසාව මත ඔවුන් මුළු රටම කෑලි කෑලිවලට කඩා ජාතික සමගිය හා එකමුතු භාවය විනාශ කළ බවත් විපක්ෂ නායකවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළා.