ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක් වෙනුවෙන් සිය පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඊයේ (15) පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවසුවා.
අපේක්ෂකයා කවුරුන්දැයි තවමත් තීරණය කර නැතත්, ඉදිරිපත් කරන අපේක්ෂකයා නියත වශයෙන්ම ජයගන්නා බවයි හිටපු ජනපතිවරයා පවසන්නේ.