ජෝ බයිඩන්ට මුහුණු පොතේ තර්ජනය කළ අයෙකුට වෙඩි තබා මරයි!

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට සහ තවත් රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කළ පුද්ගලයෙක් එෆ්.බී.අයි වැටලීමකදී වෙඩි වැදී මියගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයා ක්‍රෙග් රොබර්ට්ස් වන අතර ඔහු එම තර්ජනය කර ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ (ෆේස්බුක් ගිණුම) බවයි විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ.

එම නිලධාරීන් සැකකරු වන ක්‍රෙග් රොබර්ට්ස් අත්අඩංගුවට ගැනීම සඳහා සිතාසියක් භාරදීමට ගිය අවස්ථාවේදී පැන යාමට තැත් කිරීමේ දී වෙඩිතැබීම සිදු කළ බවයි පැවසෙන්නේ.

ක්‍රෙග් රොබර්ට්ස් උටා පළාතේ පදිංචිව සිටි අතර ජනාධිපති බයිඩන් එම ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතව තිබිය දී මෙම තර්ජනය කර ඇති බව ද විදෙස් පුවත් සේවා සඳහන් කරනවා.

රොබර්ට්ස් මෙම තර්ජනය කිරීමට හේතුව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව අපරාධ චෝදනා නැගීම බවට ද සඳහන් වෙනවා.

ජනාධිපති බයිඩන් ට අමතරව රජයේ නීතිඥවරයෙකුට එරෙහිව තර්ජනය කිරීමද රොබර්ට්ස්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කරීමට හේතුවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ලබාදීම එෆ්.බී.අයි නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles