සමාවෙන්න!!! අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ගුරු – විදුහල්පති විරෝධතාවයට පොලීසිය සිදු කළ පහර දීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ගුරු – විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතා හා ගැටලු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී හා අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිය කනගාටුව පළ කළ බවයි.

කෙසේ වූව ද පසුගිය 24 වන දා බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පැවති ගුරු – විදුහල්පති විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගැස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලබා තිබුණා.

1 COMMENT

  1. අනිවාර්‍යෙන්ම. දරුවන්ගෙ අධ්‍යාපණයට වින කරන උන්ට කෑම ටික දෙන්න ඕනෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles