වැට් වැඩි කරන්න වුණාට කණගාටුයි -ජනපති

බංකොලොත් වී තිබුණු අපේ රටේ ආර්ථිකය කෙටි කාලයකින් නැවත යථා තත්වයට පත් වීම සම්බන්ධයෙන් විදෙස් නායකයන් පවා පුදුම වූ බව ජනාධිපතිවරයා පවසනවා.

සපුගස්කන්ද ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, තමා ආණ්ඩුව භාරගන්නා විට රට දුෂ්කරම තත්වයක තිබූ බවයි. රට බේරාගැනීමට අවශ්‍ය නිසා සහ ආර්ථිකය ගොඩ නැගීමට තමාට තිබූ වුවමනාව නිසා රට භාරගත් බවයි.

“ඉතා කෙටි කාලයකින් අපි දියුණු වුණු එක ගැන බොහෝ ලෝක නායකයින් පුදුමයට පත්වුණා. ඉදිරියේදී ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති වේවි.”

“රටේ ආදායම් වැඩිකරන්න ඕනේ. ඒ නිසා තමයි කනගාටුවෙන් හරි වැට් වැඩි කරන්න සිදුවුණේ.”

ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles