ශ්‍රේෂ්ඨාධිකරණ මාර්ගෝපදේශ සහතික වන තෙක් ඔන්ලයින් පණත අත්සන් කරනු එපා: සිවිල් සංවිධාන කතානායකට ලියයි

මෙරට මාධ්‍ය සහ සිවිල් සමාජ සංවිධාන ගණනාවක් සේම ප්‍රකට පුද්ගලයන් එක්ව කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කොට තිබෙනවා. පාර්ලිමේන්තුව විසින් පසුගිය දා සම්මත කරන ලද මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පණත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් මාර්ගෝපදේශ සහ සංශෝධන ඇතුළත් බවට තහවුරු කරගන්නා තුරු එයට අත්සන් නොකරන්නැයි එම ලිපියෙන් ඉල්ලා ඇතැයි සඳහන්.

අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස සම්පූර්ණයෙන් අනතුරේ හෙළන එකක් බැවින් ඔන්ලයින් ආරක්ෂණ පණත් කෙටුම්පත සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු බව පවසන එම ලිපිය, එකී පණත කිසිදු පාර්ශ්වකරුවෙකු සමඟ සාකච්ඡා නොකර සම්මත කළ බවට චෝදනා කරනවා.

කෙසේ වෙතත්, මෙම පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද සංශෝධන සහ මාර්ගෝපදේශ රහිතව බව විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කළ බව අවධාරණය කරන එකී ලිපිය, එසේ වී ඇත්නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙනවා. එසේම එය ජනතා පරමාධිපත්‍ය හෑල්ලු කිරීමක් සේම අධිකරණයට අපහාස කිරීමක්ද බවයි ඔවුන් පවසන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයා වෙත එවන ලද නියෝග සහ මාර්ගෝපදේශ අදාළ පණත් කෙටුම්පතේ ඇතුළත්ව ඇති බවට සෑහීමට පත්වන තුරු සිය අත්සන නොයොදන ලෙස ඔවුන් එම ලිපියෙන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles