නුවන් හෙට්ටිආරච්චි
රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා.
ඒ අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයින්ට විදේශ ගතවීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර ඒ් බව නිවේදනය කරනවා.
අදාළ නිවාඩු ලබාගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට කිසිඳු බාධාවක් ඇති නොවන බවද ඒ චක්‍රලේඛයක් සඳහන්.
එම චක්‍රලේඛය පහත දැක්වේ.