පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව මඟින් විකාශනය කළ වැඩසටහන පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් තීරණය කර තිබෙනවා.
එම කමිටුවට පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා සිවිල් සේවය නියෝජනය කරමින් සාමාජිකයන් තිදෙනකු පත් කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ගත් මෙම තීරණය අනුව කමිටු නියෝජිතයන් පත් කිරීමේ කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙත පවරා ඇති බවටයි වාර්තාවන්නේ.
ඊට අමතරව චැනල් 4 හෙළිදරව්ව පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා තීන්දු කර ඇති අතර එම කටයුතු ඉදිරියට ගෙන යාම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග වෙත පවරා තිබෙනවා.
ඒ අනුව ඕනෑම් පුද්ගලයකුට තමන් සතු සාක්ෂි හා තොරතුරු මෙම කමිටුවට හෝ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කිරීමට හැකියාව උදාවනු ඇති.