හිසක් නැතිව ඔහේ දුවන පොලිස් දෙපාර්තමේන්තුව!

පොලිස් දෙපාර්තමේන්තුව නැවතත් නිත්‍ය පොලිස්පතිවරයෙක් නොමැතිව තිබෙන තත්වයකට වැටී තිබෙනවා. විශේෂයෙන් පසුගිය මාර්තු මාසයේ දී විශ්‍රාම ගැනීමට නියමිතව සිටි පොලිස්පත් චන්දන වික්‍රමරත්නට සේවා දිගු හතරක් ලබා දී මේ දක්වා කටයුතු කෙරුණා. මේ වන විට ඔහු නිශ්චිතව ම විශ්‍රාම ලබාගෙන තිබෙනවා.

මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවට වැඩබලන පොලිස්පතිවරයෙක් හෝ නැති අතර අද (27) සවස ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර පොලිස්පතිවරයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වෙනවා.

පොලිස්පතිවරයෙක් නිත්‍ය ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර ඇති නොඑකඟතාව නිසා මෙම තත්වය උද්ගතව ඇති බවයි දැනගැනීමට ඇත්තේ.

අමාත්‍යවරයා හිතැති දේශබන්දු තෙන්කකෝන් ජෙ.නි. පොලිස්පතිවරයාගේ දේශපාලන ලැදියාවන් සම්බන්ධ කරුණු නිසා ඔහුට ජනපති කැමැත්ත ලැබී නැති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත්, පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි කිහිපපොලක්ම පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් ලබා තිබෙන බවයි.

ඒ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන බව ආරංචි පැතිර ගිය අතර, මේ වන විට එසේ පත් කරන්නේ නම් ඊට තමා විරුද්ධ බව කියන මහජන පෙත්සමක් සමාජ අවකාශ හරහා සංසරණය වෙමින් පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles