ගංවතුර සහ නයායෑම් පිළිබඳ විශේෂ නිවේදනයක්

පවතින වැසි තත්වය හේතුවෙන් ගාල්ල ,මාතර හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්ක වලට නායයෑම් අවදානම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වැසි සහිත කාලගුණ නිසා මෙම නායයෑම් අවදානම් නිකුත් කර ඇති බවත් එම ප්‍රදේශවල ජිවත් වන ජනතාව කල්පනාකාරීව සිටින ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබෙනවා.

එසේම පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම මේ වනවිට තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කරනවා.

ඒ අනුව මේ වනවිට නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර එම තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ කොටපොළ, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි අනතුරු අඟවා තිබෙන්නේ.

එසේම තලගහගොඩ ප්‍රදේශයෙන් ද නිල්වලා ගඟේ ජල මට්ටම ගැන අවධානයෙන් පසුවිය යුතු බවයි සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles