පාස්පෝට් අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

නව විදෙස් ගමන් බලපත්‍රවල හිඟයක් ඇති බැවින් අත්‍යවශ්‍ය හේතුවක් ඇත්නම් පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

අලුතින් නිකුත් කළ හැකි විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් එම ඉල්ලීම කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය නුදුරේදීම හඳුන්වා දීමට පියවර ගන්නා බවත් ඊට අදාළ ටෙන්ඩර් කැඳවා ඇති බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles