අලුත් අවුරුද්ද සැමරීම පිණිස ගම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
දුම්රියෙන් පැමිණෙන පිරිස් වෙනුවෙන්ද විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
ලක්ෂ 13ක පමණ ජනතාවක් මෙලෙස උත්සව සමයේ කොළඹින් පිටව ගිය බවයි වාර්තා වන්නේ.