රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරමින් තමාට ජීවිත තර්ජන ඇතැයි විශේෂ ආරක්ෂාව ඉල්ලා ඇති සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහිදී ඔහු පවසා සිටින්නේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට ඇතැයි කියන රාජයෝගයක් නිසා මෙම කුමන්ත්‍රණ කරමින් සිටින බවයි. එම මාධ්‍ය නිවේදනයේ තවදුරටත් මෙසේ දැක්වෙනවා.
උපුටා ගැනීම –
පසුගිය වසරේ ඩුබායිහි පැවති ආසියානු කුසලාන ජයග්රහණයෙන් පසුව ක්‍රිකට් ආයතනයට හා පාපන්දු, රගර් වැනි මුදල් ගැවසෙන ක්‍රීඩා ආයතන සඳහා තමන්ගේ හිතවතුන් දමා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක කරන ලදි.
රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මේ සියලු කුමන්ත්‍රණ සිදුකරන්නේ ක්‍රිකට් ක්‍රිඩාව දියුණු කිරීමට හෝ රටට ඇති ආදරය නිසාම නොවේ. ඔහුගේ කේන්ද්‍රයේ බලවත් වී ඇතැයි කියන රාජ යෝගය නිසායි. ජනතාව චෝදනා කරන්නේ මුන් 225ම හොරුන් ලෙසට හඳුන්වමින් බව අමතක නොකළ යුතුය. ක්‍රීඩා අමාත්‍යවරයා වන ඔබත් ඒ 225න් අයෙකු වන බව තේරුම් ගත යුතු වේ. එසේ නම් ඔබත් හොරෙක්. වංචාකාරයෙක් දූෂිතයෙක්ද ?
මලල ක්‍රීඩා, මෝට් රේස් ඇතුළු අනෙකුත් සමාගම්වලින් උසාවියේ නඩු 285ක් පමණ ක්‍රීඩා අමාත්‍යාංශයට විරුද්ධව විභාග වෙමින් පවතී. මේ සියල්ලටම හේතුව ගැටලු නිරාකරණයට ඇති නොහැකියාව සහ හිතුවක්කාරි ලෙස පළිගැනිමේ චේතනාවෙන් ක්‍රියා කිරීමයි.
ඉපිටුම අවසන්