ක්‍රීඩා ඇමැතිකම මදි, අධ්‍යාපනත් ඕන : එස්.බී

ක්‍රීඩා අමාත්‍ය ධුරය ලබා දෙන්නේ නම් ඒ අභියෝගයට තමා සූදානම් බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා එයින් ඉවත් කිරීම සුදුසු බව තමා අදහස් නොකරන බවත් ඔහු වැඩිමනත් කියා සිටියා.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය ධුරය ලබා දුන්නද ඒ සමඟ අධ්‍යාපන අමාත්‍යංශයද ලබා දිය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ක්‍රීඩාවේ තවාන පාසල බව කියමින්.

වැඩිදුරටත් මේ ගැන අදහස් දැක්වූ දිසානායක මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියා.

“දැන් මේ රටේ ක්‍රීඩාව අභියෝගයක් තමයි. නමුත් මේ අභියෝගය දුන්නොත් භාර ගන්නවා. ඇත්තටම මේ රටේ ක්‍රීඩකයන්ට පව් කියලා කියන්න තමයි දැන් තියන්නෙ. ක්‍රිකට් ක්‍රීඩකයෝ ගත්තත්, මළල ක්‍රීඩකයෝ ගත්තත් අනෙක් ක්‍රීඩකයෝ ගත්තත් පව්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles