මෙරටට පැමිණීමට අවසර ලබා ගැනීම පිළිබඳ ගැටලුවක් මතු වූ චීන පර්යේෂණ නෞකාවට කොළඹ වරායට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව විදේශ අමාත්‍යංශ ප්‍රකාශක කපිල ෆොන්සේකා පවසනවා.
චීනයේ Shi Yan 6 ලෙස හැඳින්වෙන මෙම නෞකාව ඔක්තෝම්බර් 25 සිට 28 දක්වා කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිත වෙනවා.
කෙසේ වෙතත් ඉන්දියාවේ සමහර මාධ්‍ය මෙම ප්‍රවෘත්තිය පළ කිරීමේ දී එම නෞකාව “චීන ඔත්තු නෞකාව” යනුවෙන් හඳුන්වා තිබුණා.
ඉන්දීය සාගරයේ ප්‍රධාන වරාය ලෙස සැලකෙන කොළඹ වරාය වෙත මෙම නෞකාව පැමිණෙන්නේ සේවා කටයුතු සඳහා බවයි නිල වශයෙන් පවසන්නේ.
මෙම පැමිණීමේදී කිසිදු පර්යේෂණ කටයුත්තක් සිදු නොවෙන බවත් සිදුවන්නේ සේවා සහ නඩත්තු කටයුතු පමණක් බවත් විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පවසා තිබෙනවා.
චීන රූපවාහිනී ජාලයක් වන CGTN ට අනුව, Shi Yan 6 යනු ඉන්දියානු සාගරයේ නැගෙනහිර ප්‍රදේශයේ ගවේෂණ චාරිකාවක යෙදෙන භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක්.
කෙසේ වෙතත් මෙම පැමිණීම ගැන ඉන්දියාව අවධානයෙන් සිටින බව කලාපීය දේශපාලන විශ්ලේෂකයෝ පවසනවා.
- මූලාශ්‍ර – TH