ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑතකාලීන පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඊයේ (03) ප්‍රකාශ කළා.
මේ අතර විධායක කමිටුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.