ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවේ සාකච්ඡා අවසන් කළ නමුත් ඩොලර් බිලියන 2.9 ක වාරිකය ලබා දීම යටතේ පළමු සමාලෝචනයේ කොටසක් වූ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
“ශ්‍රී ලංකාව දුෂ්කර නමුත් ඉතා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇත. ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික සලකුණු පෙන්නුම් කරන බැවින් මෙම උත්සාහයන් පල දරණ බව, එහිදී ඔවුන් පවසා තිබෙනවා.
නුදුරුකාලීනව කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමේ අරමුණින් පළමු සමාලෝචනයේ සන්දර්භය තුළ කණ්ඩායම සිය සාකච්ඡා දිගටම කරගෙන යන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ.