2023, ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමට සමත් වුණා. ඒ, පකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 02 කින් ජය ගැනීමත් සමඟයි.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 42ක් තුළ කඩුලු 7ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 252ක්.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 42කට සීමා කෙරුණා. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගයෙන් ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිව වූ ඉලක්කය ද ලකුණු 252ක් වීම විශේෂත්වයක්. අවසන් පන්දුවාර 10 තුළ පකිස්ථානුවන් විසින් ලකුණු 102ක් රැස්කර ගැනීමද කාගේත් අවධානය යොමු වුණා.
පකිස්ථාන ඉනිම වෙනුවෙන් Rizwan නොදැවි ලකුණු 86 ක් ද Iftikhar Ahmed ලකුණු 47 ක් ද ලබා ගැනීමටයි සමත් වුණේ.පන්දු යැවීමේ දී මතීෂ පතිරණ කඩුලු තුනක් ද, ප්‍රමෝද් මධුෂාන් කඩුලු 2 ක් ද බිඳහෙළුවා.
අනතුරුව ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යයාට අනුව ලකුණු 252ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42ක් තුළ කඩුලු 08ක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.
එහි දී කුසල් මෙන්ඩිස් ලකුණු 91 ක්, සදීර සමරවික්‍රම ලකුණු 48 ක් රැස්කරගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මොහොතේ දී ජයග්‍රහණය කරා රැගෙන ගිය චරිත් අසලංක ලකුණු 47 ක් ලබා ගැනීමට සමත් වුණා. කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම අතර දෙවන කඩුල්ල සඳහා ලකුණු 100ක සබඳතාවක් ගොඩනැගීම ද විශේෂයක්. අදත් නායකත්වයේ වගකීම අමතක කළ දසුන් ශානකට රැස්කරගත හැකි වූයේ ලකුණු දෙකක් පමණයි.
පන්දු යැවීමේ දී Iftikhar Ahmed කඩුලු 03ක් සහ ෂයින් ෂා අෆ්රිඩි කඩුලු දෙකක් දවාගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් 11 වන අවස්ථාව මෙය වනවා.