හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ශ්‍රී ලංකාව ලොව සංචාරය කිරීමට හොඳම රටවල් අතුරෙන් එකක් ලෙස නම් කර තිබෙනවා.

ඒ සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය විසින්. 2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම සංචාරය කිරීම සඳහා ලෝකයේ හොඳම දූපත් 50 ලැයිස්තුවට 2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වුව ද ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 13 වන ස්ථානයේ පසුවන අතර ස්පාඤ්ඤය, මැලේසියාව, මාලදිවයින, බාලී, ඉන්දුනීසියාව සහ සීශෙල්ස් යන රටවල්වලට ඉහළින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම විශේෂත්වයක්.

සංචාරකයින්ට මිත්‍රශීලි ආගන්තුක සත්කාර දැක්වීම සහ ප්‍රණීත ආහාර පාන සැපයීම සහ වෙරළේ සුන්දරත්වය මෙන්ම පෞරාණික නටඹුන් නැරඹීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ පවතින බව අදාළ වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය බහාමාස් දූපත් වලට හිමි වී ඇති අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් ටස්මේනියාවට සහ රාජා අම්පට් දූපත්වලට හිමිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles