IMF අහක බැලුවත් ADB උදව් කරයි

ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණයක් සඳහා ණය ගිවිසුමකට එළඹීමට නියමිත බව වාර්තා වෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට මේ සතියේ කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 400 වැඩසටහනක පළමු වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල 2% වාර්ෂික පොලී අනුපාතයකට යටත් වන අතර ආපසු ගෙවීමේ කාලය වසර 25 ක් වනවා.

ආර්ථික ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවට අයවැය සහය ලබා දීම සඳහා ADB මීට පෙර ඇමරිකානු ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් අනුමත කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles