ඇමරිකාව-චීනය ආධිපත්‍ය සටනක: කළ යුතු දේ ජනපති කියයි

පැසිෆික් සාගර කලාපයේ ආධිපත්‍යය සඳහා වන ඇමරිකා-චීන බල අරගලය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් පළ කර තිබෙනවා. මෙම ආධිපත්‍ය පිළිබඳ අරගලයේ දී ශ්‍රී ලංකාවට ද වැදගත් තැනක් හිමිව ඇත බවයි ඔහු පවසන්නේ. ඉන්දියානු සාගරයේ ප්‍රධාන වෙළඳ මාර්ගයක පිහිටීම හේතුවෙන් අප රටට මෙය මගහැර යා නොහැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙවැනි තත්වයකදී ස්ථාවරය අපක්ෂපාතී එකක් කරගනිමින්, ජාත්‍යන්තර එදිරිවාදිකම්වලට නොපැටලී, මධ්‍යස්ථ මාවතක යමින් අප රටේ ආරක්ෂාව තහවුරු කරගැනීම කළ යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

වර්ධනය වන භූ දේශපාලන තත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය පුළුල් සමාලෝචනයකට ලක් කළ යුතු බව තවදුරටත් ජනපතිවරයා පවසා සිටියා. ඔහු මේ අදහස් පළ කරනු ලැබුවේ බූස්ස නාවික හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට සහභාගි වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles