ශ්‍රී ලංකන් පෞද්ගලිකකරණය: අදානි, එමිරේට්ස්, ටාටා තරඟයෙන් ඉවතට

මේ සතියේ අමාත්‍ය මණ්ඩල තීරණ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය සම්බන්ධ ප්‍රගතිය ප්‍රකාශයට පත් කර තිබුණා. එහිදී ප්‍රකාශයට පත්ව ඇත්තේ, ගුවන් සේවය අත්පත් කරගැනීමේ තරඟකරුවන් සංඛ්‍යාව හයේ සිට තුන දක්වා අඩු වී ඇති බවයි.

එමිරේට්ස්, ටාටා සහ අදානි සමූහය පෙර මේ සඳහා උත්සාහ දැරූ අතර එම සමාගම් මේ වන විට ඉවත්ව ඇති බවයි පැවසෙන්නේ.

ආර්. එම් මනිවන්නන්ගේ සුප්‍රිම් ග්ලෝබල් සමාගම, එයා ඒෂියා කන්සාල්ටන්ට් සහ හේලීස් පීඑල්සී යන සමාගම් ශ්‍රී ලංකන් එයා ලබා ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරන සමාගම් ලෙස ඉතිරිව සිටින බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles