ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙන්නේ, රජය අනවශ්‍ය පරිදි ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගසන බවට වන අදහස නිසා බව සඳහන් වෙනවා.
ESPN Cricinfo ට අනුව මෙම තහනම ක්‍රිකට් ආයතනය වෙත රජයේ මැදිහත්වීම වැළැක්වීමට කළ අනතුරු ඇඟවීමක් බවයි. එයට හේතුව ලෙස පැවසෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ෂම්මි සිල්වාගේ සභාපතිත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවදුරටත් පිළිගන්නා බැවින් බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මෙම අත්හිටුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල බලපෑමක් නොවෙන බව Cricinfo සටහන් කර තිබෙනවා. ඒ දෙසැම්බර් දක්වා රට තුළ ජාත්‍යන්තර තරඟ කිසිවක් නොපැවැත්වෙන බැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අරමුදල් කිසිවක් ලැබීමට නියමිත නැති බැවිනුයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) ලිපියට අනුව, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ ෂම්මි සිල්වා තවදුරටත් අඛණ්ඩව පිළිගනු ලබන බව දැක්වෙනවා.