ඊයේ පස්වරුවේ කළුතර වස්කඩුව මුහුදේ දිය නෑමට ගොස් ගසාගෙන ගිය රුසියානු ජාතික යුවලක් බේරා ගැනීමට යාමේදී ශ්‍රී ලාංකික ජීවිතාරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මුහුදේ දිය නෑමට ගොස් ගසාගෙන ගිය රුසියානු ජාතික යුවල ඇතුළු සිව් දෙනෙකු බේරා ගැනීමට තරුණයින් පිරිසක් සමත්ව තිබෙනවා.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ ජීවිතාරක්ෂක නිලධාරියා කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්. ඔහු එම ප්‍රදේශයේ හෝටලයක ජීවිතාරක්ෂකයකු ලෙස සේවය කරන බව සඳහන්
ඇසින් දුටු පිරිසට අනුව රුසියානු කාන්තාව උදව් ඉල්ලා කෑගසන හඬ ඇසීමෙන් ජීවිතාරක්ෂක නිලධාරියා මුහුදට පැන ඇතත් හදිසි රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.