මෙරට 25 හැවිරිදි යුවතියක් ඇයට ෆේස්බුක් ඔස්සේ හමු වූ පෙම්වතා සොයා ඉන්දියාවට ගිය පුවතක් ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කර තිබෙනවා. ඇයට මෙයට වසර 6කට පෙර ෆේස්බුක් වෙතින් හමුවී තිබෙන මෙම තරුණයා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අයෙක්.
ශිවකුමාරි විග්නේෂ්වරී නමැති මෙම කාන්තාව සංචාරක වීසා ලබාගෙන ඉන්දියාවට ගොස් 28 හැවිරිදි ලක්ෂ්මන් නමැති තරුණයා සමග ඔහුගේ ප්‍රදේශයේ කෝවිලකදී විවාහ වීමට කටයුතු කර තිබෙනවා. මෙම තරුණයා වෘත්තියෙන් පෙදරේරුවෙකු බවයි සඳහන් වන්නේ. ඔහුගේ ඥාතීන් මේ විවාහයට කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි සඳහන්.
කෙසේ වෙතත් විග්නේෂ්වරීගේ සංචාරක වීසා කාලය අගෝස්තු 6 වැනිදා අවසන් වූ පසු ඇයට රටින් පිටව යන ලෙසත් නැතිනම් කාලය දීර්ඝ කරගන්නා ලෙසත් බලධාරීන් දැනුම් දී තිබෙනවා. විවාහය රජයේ ලියාපදිංචි කරන ලෙසද බලධාරීන් කියා ඇතැයි වාර්තා වෙනවා. කෙසේ වෙතත් විග්නේෂ්වරී සැලසුම් කර ඇත්තේ ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමටයි.