ජවිපෙට, සජබෙට වඩා ශ්‍රීලනිප ඉහළින් – ඇමැති නිමල්

ශ්‍රීලනිපය හතර අතට ඇනූ මෛත්‍රීපාල සිරිසේනගේ ඉවත් වීමත් සමඟ පක්ෂය ශක්තිමත් කිරීමේ කාර්යභාර්ය පැවරී ඇත්තේ තමන් ඇතුළු පිරිසට බව ශ්‍රීලනිප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් ඒකාබද්ධව “දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව යටතේ පවත්වනු ලැබූ බදුල්ල දිස්ත්‍රික් ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“එදා අරගල කාළේ බය වෙලා හිටිය අයට ජීවිත ආරක්ෂාව දුන්නේ රනිල්. ඒ නිසා අපිට දේශපාලනය කරන්න පුළුවන් වුණා. අද අපි විපක්ෂයේ බෝඩ් අල්ලන් හිටියානම් මේ ප්‍රදේශයේ ජනතාවටත් රටේ ජනතාවටත් උදව් කරන්න ලැබෙන්නේ නැහැ.” යැයි ද ඔහු එහිදී ප්‍රකාශ කළා.

“අද දවස ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක්. ඒ වගේම අපේ දේශපාලන ජිවිතයේත් හැරවුම් ලක්ෂයක්. JVP අය ලංකාවේ සෑම තැනකින්ම සෙනඟ ගෙනල්ලා, ඒ වගේම සජබෙ අය බඩු දීලා කාන්තාවෝ 4000 ක් ගෙනාවාම අපේ අය අන්දුන් කුන්දුන් වුණා. ඒක අද අපි නැති කරා. බදුල්ලේ ජනතාවට මම කියනවා අපේ රටේ ජයග්‍රාහී මාවත විවර කරන්නේ අපි.

“මේ වනවිට ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසය තුළ තීරණාත්මක අවස්ථාවක් එළඹී තිබෙනවා. ශ්‍රී.ල.නි.පය මෛත්‍රීපාල සිරිසේන එහෙට මෙහෙට ඇනුවා. එතුමා දැන් ගිහිල්ලා. ඒ නිසා අද ශ්‍රී.ල.නි.ප ය ශක්තිමත් කිරීම අපට පැවරිලා. ශ්‍රී.ල.නි.ප ය හැමදාම ජයග්‍රහනය කරේ සන්ධානගතව. “

“පක්ෂ,පාට,ජාතිය,ආගම් බේද අමතක කරලා ශක්තිමත් සන්ධානයක් සදහා අද විශාල ජනතාවක් එකතුවී තිබෙනවා. මේක හදන්න අපි පුරෝගාමී වුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එක්ක පහුගිය කාලේ අපි උදේට සන්ධාන හදනවා. හවසට විසුරවනවා. එතුමා දැන් ගියා. එතුමා ඉන්න තුරු කවුරුත් එන්නෙ නෑ කියලා තමයි කිව්වේ.”

“හොඳ අවබෝධයකින් අපේ සන්ධානය ශක්තිමත් කර අවසන්. ඔබේ දුක් ගැහැට වලට, ප්‍රශ්න වලට පිළිතුරු හොයන සන්ධානයක් තමයි මේ. ඌව වෙල්ලස්සේ ජනතාව ඒ සදහා අපට හයිය දෙනවා. අද මාධ්‍ය ගත්තත් සමහර වෙලාවට පෙන්වන්නේ තමන්ගේ කතා ටික විතරයි. ඒකෙන් මේ රටේ ජනතාව රවට්ටන්න බෑ. අපේ හිටපු සභාපතිතුමාට මේ සෙනගින් 1/3වත් එකතු කරන්න බෑ .”

“මේ රටේ භූ දේශපාලනය බිම් මට්ටමේ දේශපාලනය පිළිබද සාකච්ජා කරලා අපි රට වෙනුවෙන් තීරණයක් ගන්නවා. දෙවනි කාරණය තමයි ඉදිරි මහ මැතිවරණයේ තීරණාත්මක සාධකය අපි. සමහරු කියනවා ණයත් නෑ, බයත් නෑ කියලා. අපිත් එහෙම තමයි. සෑම මැතිවරණයකදීම අපි දිනුවා. රනිල්ව ජනාධිපති කරන්න පාර්ලිමේන්තුවේ 134ක් එකතු වුණා. අපි එතුමාගේ දේශපාලනයට විරුද්ධවයි වැඩ කළේ. රට ගොඩ දාන්න ආපු ඒ මනුස්සයාගේ කකුලෙන් අපි ඇද්දේ නෑ.”

“ජනතාවට ප්‍රතිලාභ ලැබෙන දේශපාලනයකුයි අප කළ යුත්තේ. දැන් ඔබතුමාලාට දෙසැරයක් හිතන්න නෑ. JVP එක අතුගෑවිලා ඉවරයි. සජබත් ඉවරයි. අපට කිට්ටුවෙන්න කාටවත් බෑ .” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles