අභාවප්‍රාප්ත පර්සි අබේසේකරට උපහාර දැක්වීම සඳහා ඉන්දියාව සමඟ අද පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතේ කළු පටි පැළඳ ක්‍රීඩා කරනු ලැබුවා.
‘පර්සි අංකල්’ ලෙසින් ආදරයෙන් හඳුන්වනු ලබන අබේසේකර, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන සලකුණක් වූ අතර, ක්‍රීඩකයන්ට සහයෝගය දැක්වීමට සහ දිරිගැන්වීම සඳහා සෑහෙන කාර්යභාරයක් ඉටු කරනු ලැබූ අයෙක්.
දිරිගන්වන්නෙකු ලෙසින් පර්සි මෙරට පමණක් නොව විදේශයන්හි පවා ප්‍රකට වුණා.
පසුගිය ඔක්තෝම්බර් 30 වැනිදා අභාවප්‍රාප්ත වන විට ඔහු 87 වැනි වියේ පසු වුණා. 1979 සිට ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කරන බවයි කියැවෙන්නේ.