ලෙබනනයේ Mansourieh හි මහල් පහකින් යුත් ගොඩනැගිල්ල ඔක්තෝබර් 16 වන දින කඩා වැටුණු අතර සුන්බුන් අතරින් 65 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් සෙනසුරාදා සොයා ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ මිය ගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි අයි. ප්‍රේමලතා නම් කාන්තාවකගේ බවයි.
ලෙබනනයේ නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පසු සුන්බුන් යට සිරවී සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු අතර ශ්‍රී ලාංකික කාන්තාවක් සිටින බව ඔක්තෝබර් 17 වන අඟහරුවාදා බේරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරනු ලැබුවා.