No menu items!
No menu items!

යුද සමයේ ලංකාවේ උපකාර ගැන “ජෙරුසලම් පෝස්ට්” කියන කතාව

ඊශ්‍රායෙලය සහ හමාස් සංවිධානය අතර ඇතිව තිබෙන යුද්ධය නිසාවෙන් ඊශ්‍රායෙලයේ මානව ශ්‍රම හිඟයක් ඇති වී තිබෙනවා. බටහිර ඉවුරෙන් සහ ගාසාවෙන් පලස්තීනුවන්ගේ වැඩ බලපත්‍ර ඉවත් කිරීම නිසා එහි කෘෂිකර්මාන්තය සහ ඉදිකිරීම් ආදී ක්ෂේත්‍ර අර්බුදයට ගොස් ඇතැයි ජෙරුසලම් පෝසට් වාර්තා කරනවා.

එහි ශ්‍රම සැපයුමට දායක වෙමින් සිටි තායිලන්ත ජාතිකයන් විශාල ප්‍රමාණයක් ඇතුළු විදේශීය ශ්‍රමිකයන් සියරටවල් බලා ආපසු යෑම නිසා මෙම තත්වය උග්‍ර වී ඇති බවයි කියැවෙන්නේ.

කෙසේ වෙතත් ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානපති නිමල් බණ්ඩාර පවසා ඇත්තේ මෙම ගැටලුවට විසඳුම් සෙවීම වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කරන බවයි.

ඊශ්‍රායෙලයේ සිටින ශ්‍රී ලාංකිකයන් එහි රැඳී සිටිමින් ලේ පරිත්‍යාග කරමින්, ස්වේච්ඡාවෙන් ගොවිපළවල කටයුතු කරමින් යුද ප්‍රයත්නයට සහය දෙන බව තානාපතිවරයා පැවසූ බව ජෙරුසෙලම් පෝස්ට් වාර්තා කරනවා.

ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා බලපත් දහස් ගණනක් නිකුත් කෙරෙන බවත් සම්මුඛ පරීක්ෂණ පවත්වා ඔවුන් ඊශ්‍රායෙලය කරා ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි තානාපතිවරයා වැඩිදුරටත් එහිදී පවසා ඇත්තේ.

දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමත් ආර්ථික වර්ධනය අපේක්ෂා කිරීමත් දෙරටේම අඳුරු කාල පරිච්ඡේද තරණය කිරීමක් මෙයින් අපේක්ෂා කරන බව තානාපති බණ්ඩාර වැඩිදුරටත් පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles