නීතිවිරෝධීව ඊශ්‍රායලයට ඇතුළුවීමේදි අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා යළි ජෝදානයට යවන බව, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
දේශසීමා හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුලුවීමේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊශ්‍රායල හා ජෝර්දාන දේශසීමා ආරක්ෂක සෙබළුන් විසින්.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසන්නේ 50 හැවිරිදි හා 44 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි.
ඔවුන් ජෝර්දාන දේශසීමාව හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුලුවීම හේතුවෙන් නැවත ජෝදානයට පිටත් කරන බවයි නිමල් බණ්ඩාර සඳහන් කරන්නේ.
එසේම අදාළ කාන්තාවන්ගේ ආරක්ෂාව හා ඉදිරි කටයුතු පිළිබඳව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සිදු කරන බව ද සඳහන් කරනවා.