No menu items!
No menu items!

එංගලන්ත රජයට ලංකාව ලොකු පොල්ලක් තියලා!

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය රුපියල් කෝටි 261 ක් (ස්ටර්ලිං පවුම් 652120) එරට රජයට ගෙවිය යුතු බව අමාත්‍ය ඩේවිඩ් රට්ලි එරට පාර්ලිමේන්තුවට දන්වා තිබෙනවා.

වසර 19 ක කාලයක් ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති මාර්ග ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය භාවිත කර ඇතත් එම කාලය සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසා මෙතරම් මුදලක් එරටට ගෙවිය යුතු බවයි ඩේවිඩ් රට්ලි ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

එම මාර්ග ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇතුළුව විදෙස් තානාපති, මහ කොමසාරිස් කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන විශාල සංඛ්‍යාවක් භාවිතයට ගත්තත් ඒ සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 15 ක දෛනික ගාස්තුව මෙතෙක් ගෙවා නොමැති බව ද පැවසෙනවා.

ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා 2003 වසරේ පෙබරවාරි මාසයේදී මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙන ලද අතර පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන විට තානාපති සහ මහ කොමසාරිස් කාර්යාල ගෙවිය යුතු සම්පූර්ණ මුදල ස්ටර්ලිං පවුම් මිලියන 145 ඉක්මවන බවත් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එහි දෙගුණයක් පමණ ගෙවීමට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වු ද විදෙස් තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන එම ගාස්තුව ගෙවිය යුතු නැතැයි පැවසීමට නීතිමය රාමුවක් නොමැති බවත් සියලුම රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්සත් රාජධානි නීතියට ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රට්ලි දැඩිව අවධාරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles