පසුගිය ආර්ථික අර්බුද සමයේ අතිධාවනකාරී ලෙස ඉහළ ගිය උද්ධමන අනුපාතය තනි ඉලක්කමක් දක්වා පසුබැස තිබෙනවා. මෙසේ සිදු වූයේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයක් වනවා.
මේ වන විට නිල සංඛ්‍යා ලේඛන අනුව ජූලි මාසයේ උද්ධමන අගය 6.3% දක්වා පහතට ගොස් තනි ඉලක්කමක් ලෙස පෙන්නුම් කරනවා.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය ජුනි මාසයේ දී වාර්තා වූයේ 12%ක අගයක්.
ඉන්ධන හිඟය, රටපුරා විදුලිය කප්පාදුව, දේශපාලන වියවුල් අතර පසුගිය සැප්තැම්බරය වන විට මෙරට උද්ධමන අගය 69.8% දක්වා ඉහළ ගොස් තිබුණා.
ඒ අතර ගෙවීමට තිබෙන විදේශ ණය ඩොලර් බිලියන 46ක ප්‍රමාණයක් බවද සිහිකටයුතු වෙනවා. මෙසේ තිබිය දී ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ඩොලර් බිලියන 2.9ක මුදල නිසාවෙන් විදේශ විනිමය හිඟය යම් තරමකට පාලනය කර ගැනීමට ආණ්ඩුව සමත් වුණා.
ඒ අතර දේශීය විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලක් ද ගෙන යාමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා.