Meta, Google ඇතුළු තාක්ෂණ සමාගම්වලින් රජයට කණේ පහරක්

පසුගියදා ගැසට් කරන ලද ශ්‍රී ලංකාවේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පිළිබඳ පණත් කෙටුම්පත පිළිබඳව Asia Internet Coalition (AIC) සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

මෙම ආයතනය Apple, Facebook, Google, Expedia Group, Amazon, Line, LinkedIn, Rakuten, SAP, Airbnb, Grab, Twitter, Yahoo, Booking.com, and Cloudfare යන ලොව ප්‍රධාන තාක්ෂණ ආයතන නියෝජනය කරන එකමුතුවක් ලෙසයි සැලකෙන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් AIC හි කළමනාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජය කිසිදු පාර්ශ්වකරුවෙකුගේ උපදේශනයකින් තොරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පිළිබඳ පණත් කෙටුම්පත ගෙන ඒම පිළිබඳව Asia Internet Coalition කනස්සල්ලට පත්ව සිටින බවයි.

විසම්මුතිය සහ ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මැඩපැවැත්වීම සඳහා මර්දනකාරී වෑයමක් පනත් කෙටුම්පත මගින් පෙනෙන්නට ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

“අපගේ සාමාජික සමාගම් ඔවුන්ගේ සේවාවන් භාවිතා කරන අයගේ ආරක්ෂාව බැරෑරුම් ලෙස සලකන අතර, නීති සම්පාදනය මහජන සංවාදය සහ ඩිජිටල් ආර්ථිකයට බලපෑම් කළ හැකි අදහස් හුවමාරුව සීමා කිරීමෙන් නවෝත්පාදනය අඩු නොකළ යුතුයි” යනුවෙන් පවසන ජෙෆ් පේන් ශ්‍රී ලංකාවේ නව ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට සහාය වීම සඳහා කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles