ශ්‍රී ලංකාවට සිටි එකම ළමා විකිරණ විශේෂඥ වෛද්‍යවරයා (Pediatric Radiology Specialist) රට හැර ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
මේ වන විට තවත් විශේෂඥ වෛද්‍යවරු ගණනාවක් රට හැර ගොස් ඇති බව දැනගන්නට තිබෙනවා.
එම සංගමයේ සභාපති වෛද්‍ය අශෝක ගුණරත්න සඳහන් කරන්නේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය, ළමා ස්නායු විශේෂඥ, ළමා හෘද රෝග, ළමා මනෝ වෛද්‍ය වැනි විශේෂඥ වෛද්‍යවරුන් මෙලෙස රට හැර ගිය පිරිස අතර සිටින බවයි.
ඉදිරි කාලයට රටට අවශ්‍ය වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණයෙන් අඩක් පමණක් දැනට මෙරට සිටින බව වෛද්‍ය අශෝක සඳහන් කළා. නිර්වින්දන වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් හිඟයකට ද ඉදිරියේදී මුහුණ දෙන්නට සිදුවිය හැකි බවද කියැවෙනවා.
මෙය ඉදිරියේදී මෙරට මහජන සෞඛ්‍ය පද්ධතිය ගැටලුකාරී තැනකට ගෙනියනු ඇතැයි සැක පළ කෙරෙනවා.