සති අන්ත නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.
නල්ලතන්නිය ප්‍රදේශයේ සියලුම රථගාල් පිරී ඉතිරී ගොස් නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් දක්වා කිලෝමිටර් පහක් දුරට වාහන පෝලිමක් ඇති වී තිබෙන බවත් වාර්තා වෙනවා.
හැටන් මාර්ගයට අමතරව රත්නපුර, පලාබද්දල ආදී මාර්ග ඔස්සේද විශාල පිරිසක් පැමිණ තිබෙනවා.
පැමිණි විශාල පිරිසකට ශ්‍රී පාද මළුව වෙත පිවිසීමට නොහැකි වුණු බවයි වාර්තා වන්නේ.
පුදබිම අවට දැඩි වියළි කාලගුණයක් ඇති බැවින් ජල මූලාශ්‍ර අසල වන සතුන් ගැවසෙනවා. එවැනි තැන් වෙත නොපිවිසෙන ලෙස පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.