ප්‍රාලේට තර්ජනය කළ මන්ත්‍රීට එරෙහිව කාර්ය මණ්ඩලය පාරට

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් විසින් පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කිරීමට විරෝධය පාමින් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය කෑම පැයේ විරෝධතාවක නිරතව තිබෙනවා.

රජයට අයත් ඉඩමක් නීතිවිරෝධී අයුරින් පිරිසක් අල්ලාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව සොයා බැලීමට ගිය පුත්තලම ප්‍රා.ලේකම්වරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් විසින් තර්ජනය කරනු ලැබුවා.

උක්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙයට පෙරද රත්රන් සහ දුරකතන ගුවන්තොටුපොල හරහා සොරෙන් ගෙන ඒම සම්බන්ධයෙන් දඩ ගැසීමකට යටත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles