ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිටදී ඔහුට නිකුත් කර ඇති පිස්තෝල ගිනි අවියකින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි වාර්තා වනවා.
අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනි අවිය රැගෙන ගොස් තිබූ රාජ්‍ය අමාත්‍යවරයා ඉන් වෙඩි තුනක් අහස දෙසට එල්ල කර තිබෙනවා.
මෙම රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර අවස්ථා කිහිපයකදීත් ආන්දෝලාත්මක සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක්වූ අයෙක් බවයි වාර්තාවන්නේ.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් උසස් නිලධාරීන්ද මේ වනවිට දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තාවනවා.