අද දිනයේ ගුරු-විදුහල්පතිවරු ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්තව සිදු කරන වැඩ වර්ජනය ගැන Lankaline වෙත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අදහස් පළ කළා.
“ලංකාව පුරාම සමස්ත පාසල් පද්ධතියේ ගුරුවරු විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා. ඒ හරහා ආණ්ඩුවට දීලා තියන පණිවිඩය තමයි, වහාම ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න ඒ වගේ ම දෙමව්පියන්ගේ අධ්‍යාපන බර අඩු කරන්න, විදුහල්පති සේවයේ තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන්න, ගුරුවරුන්ගේ ආයතන ගැටලුවලට විසදුම් ලබා දෙන්න වගේ ම මේ මර්දනකාරී අණපණත්වලට විසඳුම් ලබා දෙන්න කියන එක. ඒ අතර අද පෙරවරු 11ට මේ ඉල්ලීම් මූලික කරගනිමින්ම කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක්ද පැවැත්වෙනවා.
රටපුරා සියලු පාසල්වල වර්ජන ක්‍රියාමාර්ගය සාර්ථක වෙලා තියෙනවා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මේ වෙන තෙක් ප්‍රතිචාරයක් දක්වලා නෑ. මේ ක්‍රියාමාර්ගයෙන් පසුව ආණ්ඩුවෙන් සාධනීය ප්‍රතිචාරයක් නැති නම් අපි තවත් ක්‍රියාමාර්ගවලට යන්න තීරණය කරලා තියනවා.”
වාර්තා වෙන පරිදි දිවයිනේ සියලු ම පාසල්වල පාහේ කටයුතු වැඩවර්ජනය නිසාවෙන් අකර්මණ්‍ය වී තිබෙනවා.