හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ වන වගා ව්‍යාපාරවලට හසු නොවන්නැයිද, ව්‍යාජ ස්ථානවල මුදල් තැන්පත් නොකරන්නැයිද කියමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය දා ප්‍රකාශයක් කරනු ලැබුවා. බොහෝ දෙනා අදහස් කළේ මේ අනියමින් කුමාර ධර්මසේනගේ වනවගා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කියූවක් බවයි. නමුත් මහබැංකු අධිපතිවරයා ඍජුව නම ප්‍රකාශ නොකිරීම බොහෝ විවේචනයට ද ලක් වුණා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත වීඩියෝවක් නිකුත් කරන කුමාර ධර්මසේන පවසන්නේ, උක්ත ප්‍රකාශය කොන්ද පණ නැති ප්‍රකාශ බවයි. වරදක් තිබේ නම් තමාගේ නම ඍජුව කිව යුතු බවද ඔහු කියා සිටිනවා. මාධ්‍යවලට ප්‍රකාශ කරද්දී වගකීමෙන් කළ යුතු බවයි ඔහු කියා සිටින්නේ.
තමාත් තම ආයතනයත් නීත්‍යානුකූලව කටයුතු කරන ආයතනයක් බවත් මඩ ගැසීම යුතු නැති බවත් මේ වගකීම් රහිත ප්‍රකාශ සම්බන්ධයෙන් තමා කණගාටු වන බවත් ධර්මසේන කියා සිටිනවා.